පාලිත තෙවරප්පෙරුම ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරයි…

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනකු අද(10) මතුගම මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරව මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය විසින් ඔවුන් බන්ධනාගාර ගත කිරන ලෙසට නියෝග කොට තිබේ.

අධිකරණ නියෝග කඩ කිරමින් මතුගම, නෑබඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය යෑමෙන් අනතුරව එම වත්තේ පිහිටි සුසාන භූමියේ භූමිදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය මස 19 වන දා තෙබුවන, ට්‍රොයිට් වතු යායේ සිටි ද්‍රවිඩ ජාතික පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් එම වතුයායේ භූමිදාන නොකරන ලෙස හිමිකරු විසින් තෙබුවන පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

අදාළ පැමිණිල්ලට අනුව පොලීසිය විසින් මතුගම මහේස්ත්‍රාත් තහනම් නියෝගයක් ගනු ලැබූ අතර එය නොතකමින් නියෝජ්‍ය අමාත්‍යවරයා එම භූමියෙහි දේහය බලහත්කාරයෙන් භුමිදාන කිරීමට කටයුතු කරනු ලැබු බවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළ පස් දෙනා හට එල්ලවී ඇති වෝදනා වෙයි.

අදාළ සැකකරුවන් 05 ස් දෙනා එළඹෙන 16 වන දා දක්වා රක්ෂිත බන්ධගාර ගත කරන ලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: