“නීතිපති”., රාජපක්ෂලාව බේර ගනී ද..?

හදිස්සි කාරයකු ලෙස ප්‍රකට නීතිපතිවරයා ගේ හදිසි නඩු ගොනු කිරිම් නිසා බරපතල අපරාධ කළ චූදිතයන්ට පහසුවෙන් නීතියෙන් ගැලවී යාමට හැකි අවස්ථා නිර්මාණය කර දී ඇති බවට චොදනා එල්ල වේ.නීතිපති වරයා දෙශපාලනීකරණය වීම මේ සියල්ලටම හේතුව වී තිබේ.

නීතිපති නඩු ගොණු කරන්නේ විත්තිකරුවට වාසි සහගත ලෙසය. එයට කදිම උදාහරණ වන්නේ පළමු වීශේෂ මහාධිකරණයේ ගොණු කළ පළමු නඩුව වන මහින්ද රාජපක්ෂගේ කාර්යමංඩලය ප්‍රධානි ගාමීණී සෙනරත් හට චොදනා 24 ක් යටතේ ගොණු කළ නඩුවයි.නීතිපති වරයා චොදනා 24 ක් ගොනු කලත් අවසානයේ විත්ති කරු නිදහස් වන්නේ, සියළු චොදනා වලින් නිදොස්කොට නිදහස ලබා ය.

වත්මන් නීතිපති දප්පුල ලිවේරා එම තනතුරට පත් වීමෙන් පසුව වර්ශ කිහිපයක් තිස්සෙ විමර්ශනය කෙරෙමින් පැවැති අපරාධ කිහිපයක් ගැනම නඩු පැවැරීමට ඉක්මන් වී තිබිණි. ඒ අතර ඇවන්ගාඩ් සිදුවීම මහ බැංකු බැඳුම්කර සිදුවීම විශේෂය. එහෙත් කිසි වග විභාගයකින් තොරව පවරනු ලැබූ නඩු කිහිපයක්ද එම චෝදනා ගොනු කිරීමෙහි ඇති අඩුපාඩු නිසා විත්තියට වාසිදායක ලෙස අධිකරණ තීන්දු ලැබිණි.ඒ අනුව ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට ගැනීමට නිකුත් කල වරෙන්තුවක් හකුලා ගැනීමට සිදුවිය.

නීතිපති යනු රජය නියෝජන කරන්නා උවත්, මේ වනවිට නීතිපති නියොජනය කරන්නේ විත්ති කරුවන්ගේ පැත්තයි.එසේ සිදු කරුනු ලබන්නේ දේශපාලන වශයෙන් ජනාධිපති සිරිසේනගේ අපේක්ෂා මුදුන්පත් කිරිම උදේස බව පැහැදිලිය.

මේ වන විට පොහොට්ටු පක්ෂයේ සම්මේලනය අවසන් වීමත් සමගම මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති අපේක්ෂකයා ගොඨාභය රාජපක්ෂ බවට ප්‍රකාශ කිරිමත්,මහින්ද රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ නායකත්වය ලබා ගැනීමත් සමග නීතිපති දප්පුල ඩි. ලිවේරා ක්‍රියාත්මක වී ඇත.

ඒ අනුව

නඩු ගොන්නක් නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසි තිබෙන වටපිටාවක නීතිපති දප්පුල ලිවේරා විසින් වැඩ බලන පොලිස්පති වරයා අමතා නියොග කර ඇත්තේ වහාම වසීම් තාජුඩීන්, මාධ්‍යවේදී ලස්සන වික්‍රමතුංග සහ ත්‍රිකුණාමලයේ සිසුන් ඝාතන පිළිබඳව සියළු කටයුතු කඩනමින් අවසන් කොට නීතිපති දප්පුල ලිවේරා වෙත ලබා දෙන බවටයි.

සිදුවන්නට යන්නේ කුමක්ද..?

මේ වනවිට ජනාධිපති සිරිසේන සහ පොහොට්ටු පක්ෂය අතර සාකච්ඡා පැවැත් වේ. එහිදි සිරිසේන ජනාධිපති විසින් ඉදිරිපත් කරන යොජනා ස්ථිර කර ගැනීම උදෙසා සිරිසේන ජනාධිපති විසින් නීතිපතිවරයා බාවිතා කරමින් සිටි.

මෙහිදි මහින්ද රාජපක්ෂ ගිරයකට හසු වු පුවක් ගෙඩියක් වගෙ වනු ඇත. සිරිසේනගේ යෝජනාවට අකමැති වුවහොත් නීතිපති විසින් බොහො දුරට තාජුඩීන් ගේ සහ ලසන්තගේ නඩු කිසිදු අඩුපාඩුවක් නොමැතිව රාජපක්ෂලාගේ බෙල්ලටම තොන්ඩුව දැමීමට ඉඩ තිබේ.

ඒ වගේම ජනාධිපති සිරිසේනගේ යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කලහොත් නීතිපති විසින් ඉහත ඝාතන නඩු සදහා ගොනු කරන චොදනා වල අඩුපාඩු ඇතිවී විත්ති කරුවන් නිදොස් කොට නිදහස් වීමට ද ඉඩ තිබේ.

නීතිපති දප්පුල ලිවේරා වැඩ බලන පොලිස්පතිට කියන්නේ විශේෂ නඩු තුනක් ගැනය.ඉන් එකක් වන්නේ සිසුන් 11ඝාතනා කිරිම ගැනය.එම නඩුවත් තාජුඩීන් සහ ලසන්ත ඝාතනය ගැන නඩු සමග ඉල්ලා තිබිම සැක සහිතය.මේතෙක් ලංකාවේ නීතිය ලොක්කන්ට ක්‍රියාත්ම නොවී පහල තැනින් දිය ගලා ගියේය. ඒ අනුව ලොක්කන්ගේ පව් සිසු ඝාතනයේ ප්‍රදාන විත්ති කරුවකු වන කරන්නාගොඩගේ කර මතින් ගලා ගොස් රාජපක්ෂලා නිදොස්කොට නිදහස් වීමට ද ඉඩ නැතුවා නොවේ.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: