නීතිපතිගේ උදව්වෙන්..ගොඨා,නිශ්ශංක සේනාධිපති සහ තවත් විත්තිකරුවන් තුනක් නිදහස්..!

නීතිය නෑවිම ගැන කතා කරන රාජපක්ෂ වාදීන් කවුරුත් ඇවන්ගාඩ් පාවේන අවි ගබඩාව සම්බන්ධව අභියාචනාධිකරණය විසින් විත්ති කරුවන් නිදහස් කිරිම ගැන කතා කරන්නේ නැත්තේ ඇයි.?මෙය රජයට බිලියන 11.4ක් පාඩු කල ගනුදෙනුවකී.

ඉහළ පැලැන්තියේ උදවියට නීතිය නැවෙන බව අප අනන්තවත් සටහන් කර ඇත.එය සනාත කරමින් එසේ සටහන් තැබු තවත් එක් නඩුවක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අද තීන්දුවක් ලබා දී තිබේ.

ඒ පාවෙන අවි ගබඩා සම්බන්ධ නඩුවයි.ඒ අනුව නීතිපති සුපුරුදු පරිදි විත්ති කරුවන්ට නිදහස ලැබෙන අයුරින් නඩු ගොනු කිරිමත් සමග අද දින ජනාධිපති කොමිසම ගොනු කල එම නඩු කටයුතු වලින් විත්තිකරුවන් නිදහස් වී ඇත.

ඒ අනුව නීතිපති දප්පුල ලිවේරා දේශපාලුවන් හට රෙදි නැතිව කඩේ යෑම සිදු කරයි.ගොඨභය රාජපක්ෂ හට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා කහ වතුරෙන් නාවා සුද්ද පවිත්‍ර කිරිමේ වගකීම නීතිපති දප්පුල ලිවේරා හට පැවරී ඇති රාජකාරිය යි.

කොමිසම විසින් ගොනු කළ නඩුව මෙසේ අහකට වීසි වීම සමගමින්ම නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු පැවරිමට චොදනා 7573 ක් යටතේ ගොනු කිරිමට නියමිත නඩුවට සිදු වන්නේ කුමක්ද කියා අප මින් පෙර අනාවැකි පළ කර ඇත. එය එසේ සිදු වනු ඇති බවට කිසිදු සැකයක් නොමැත.එයට හේතුව වන්නේ කොමිසම වෙනුවෙන් නඩු පැවරිම සිදු කලේද දප්පුල ලිවේරා විසින් වන අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නඩු පැවරීමද සිදු කරන්නේ නීතිපති දප්පුල ලිවේරා විසින්ම ය..!

රාජපක්ෂ වාදීන් මහ බැංකුව ගැන වේදිකා උඩ බෙරිහන් දෙන්නේ බිලියන 11ක පාඩුවක් වත්මන් රජය රටට සිදු කල බවත්, එම පාඩුව පියවීමට වසර තිහක් වත් ගතවන බව කියමින්‍ ය.

එසේ නම් අද ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව මගින් වක්‍රාකාරයෙන් හෝ රජයට සිදු කල පාඩුව බිලියන 11.4කී එනම් මහ බැංකු වංචාවට වඩා වැඩි වංචාවකී. එහෙත් අද දින ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා සම්බන්ධ නඩුව අහකට වීසී වී, විත්ති කරුවන් නිදහස් වී තිබේ. එසේ නිදහස් වු පිරිස අතර ගොඨාභය රාජපක්ෂ , ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති , හිටපු නාවික හමුදාපති වරුන් තිදෙනාද අභියාචනාධිකරණය නියෝග මත නිදහස් කර ඇත.

“මේ සියලු මුදල් ජනතාවට ලැබිය යුතු මුදල් ය”. එහෙත් එවායෙන් යහමින් වැජඹෙන්නේ ඉහල පැලැන්තිය නියෝජනය කරන තක්කඩි පිරිසයි. හෙම්බිරිස්සාවක් හැදුනත් සිංගප්පූරුවේ එලිසබත් වැනි රෝහල් වලින් උන් බෙහෙත් ගනු ලබයි.!.

“බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ”.

උන්ට එක නීතියක්.දේශපාලුවන්ට මනාපය දෙන ඔබට තව නීතියක්. නීති ගරුක සමාජයක් බිහි කිරිමට කතා කරන්නේ, නැවත ඔබගේ ජන්දය,මනාපය ඉල්ලන්නේ බිලියන ගනන් ජනතාවගේ නැත්නම් ඔබගේ මුදල් ගසා කාපු උන්මය.

“මදක් සිතන්න බුද්ධියේ විමසුම සදහා”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: