නාමල් රාජපක්ෂට., අගමැති රනිල්ගෙන් තෑග්ගක්…

නොවැම්බර් අවසානයේ විවෘත්ත කිරිමට නියමිතව තිබු දක්ෂිණ අධිවේගී මාර්ගය ඊයේ(12) හදිස්සියේම විවෘත්ත කරන ලෙස අගමැති වරයා අදාල නිලධාරීන් වෙත දන්වා ඇත.

ඊයේ විවාහ ගිවිස ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂගේ විවාහය නිමිත්තෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට මත්තල දක්වා ගමනාගමන සදහා විවෘත්ත කර තිබේ.මෙසේ විවෘත්ත කරන ලෙස අදාල නිලධාරීන් වෙත දැනුම් දී තිබෙන්නේ මෙය අගමැතිවරයාගේ තීරණයක් බවයි.

ඒ අනුව ඊයේ(12) සිට 15 වනදා දක්වා මෙම මාර්ගය මගීන් සදහා විවෘත්ත කර තිබෙන්නේ කිසිදු මුදල් ගෙවිමකින් තොරවය.ඒ අනුව නාමල් රාජපක්ෂගේ විවාහය නිමෙත්තෙන් හෙට (14) මැදමුලනේ පැවැත්වීමට නියමිත සාදය සදහා සහභාගි වන දෙස් විදෙස් සියලුම ආරාධිතයින් සදහා මුදල් ගෙවිමකින් තොරව(නොමිලේ) මෙම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කිරිමට හැකියාව තිබේ.(15 වෙනිදා නැවත මාර්ගය වසා දමනු ඇති අතර, නැවත විවෘත්ත කිරිමේ උත්සවය විශාල මුදලක් වියදම් කොට නොවැම්බර් අවසානයේ විවෘත්ත කිරිමට නියමිතය)

එකම පැලැන්තියක් නියොජනය කරන තක්කඩි දේශපාලුවන් මෙසේ සැප ගන්නේ රටේ ජීවත්වන ඔබගේ බදු මුදල් වලිනී.රටක කරන ඔනෑම ව්‍යාපෘතියක් සදහා ලබා ගන්නා ණය ගෙවන්නේ රටේ ජනතාවගේ මුදල් වලිනී.ඔබගේ මුදලින් උන්ට සැප ගන්න ඉඩ දී..! ඔබ සදා දුක් විදින්නේ ඔබගේම වරදින් බව තේරුම් ගත යුතුය.වැරදි පුද්ගලයන් ඔබගේ නියෝජිතයන් ලෙස පත් කරගත්තෙ ද..? ගන්නේ ද..? ඔබ විසින්මයි.එහි ප්‍රතිඵල අත් විදිමින් වහල්ලු සේ සිටිමට සිදු වන්නේද..? ඔබට මිස ඔබේ කතිරයෙන් සැප ගන්න උන්ට නොවේ..!

(අසරන ජීවිත තුන්සීයකට වැඩිය බිලි දුන් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චුදිතයා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවයා සහභාගි වෙමින් සතුටින් සිනා සී ලබා අපුරු ජයාරූපයක්)මැරුනේ ඔබේ අහින්සක අම්මා, තාත්තා,අක්කා,නංගී,මල්ලි,දුව,පුතා,බිරිඳ , ස්වාමිපුරුෂයා ය. එහි වේදනාව තිබෙන්නේ ඔබට මිස උන්ට නොවේ…👇

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: