නගරාධිපති තුෂාරව රකින පොලිසියට එරෙහිව මුළු කුරුණෑගලම..!

කුරුණෑගල පොලිසියට සහ ඉහල නිලධාරීන් හට වැඩ වරදින බවට පෙර නිමිති පහල වෙමින් තිබේ. කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණ හට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පොලිස්පති වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

කුරුණෑගල පොලීසියට සහ ඉහල නිලධාරීන්ට විරුද්දව කුරුණෑගල ජනතාව නැගි සිටිමට කටයුතු කිරිම ඉතා හොද ප්‍රවනතාවයකී.මහ දවාලයේ නීතිය නවන කුරුණෑගල පොලිස් නිලධාරීන් සහ රට ගිනි තියන කුරුණෑගල බාර පොලිස් නිලධාරීන්ට එරෙහිව ජනතාව නැගී සිටිම සිදු විය යුත්තකී.

නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන badusure.lk අප මාධ්‍ය අංශයද ඉතා ඕනෑකමකින් කුරුණෑගල දිහා බලා සිටින්නේ කුරුණෑගල ඇතැම් පුවත් වාර්තාකරුවන් පවා මුදලය යට වී ඇති නිසාය.එම හෙතුව නිසා කුරුණෑගල යුක්තිය බලාපොරොත්තු වන ජනතාව වෙනුවෙන් අප මාධ්‍ය අංශයේ උතුකම සහ වගකීමයි.

සංවිධාන එකමුතුව,

2019.07.31
පොලිස්පතිතුමා,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

ගරු පොලිස්පති තුමණි,

කුරුණෑගල පොලිසියට විරුද්ධව පැමිණිලි කිරීම
විත්තිකරුවෙකු වරෙන්තුවට අත්අඩංගුවට නොගෙන අතපසු කිරීම

නඩු අංක : Hc 188/2010
මහධිකරණය කුරුණෑගල.

ඉහත අංක දරණ නඩුවේ 1 වන විත්තිකරු වන කුරුණෑගල වත්මන් නගරාධිපති විතාරනගේ තුෂාර සංජීව විතාරණ නමැති පුද්ගලයා විසින් පසුගිය ජූලි මස 25 වන දින (2019-07-25) කුරුණෑගල මහාධිකරණ ඉහත නඩුව නැවත කැඳවන අවස්ථාවේදී නඩුවට ඉදිරිපත් නොවී ජූලි 23 වන දින රටින් පිටව යන ලදී. පසුව 27 වන දින ආපසු දිවයිනට පැමිණ දැනට කුරුණෑගල නගරයේ තම දෛනික කාර්යයන් වල නිරත වෙමින් සිටියි.

ඔහුට විරුද්ධව ගරු මහාධිකරණ විනිසුරුතුමිය වරෙන්තුවක් නිකුත් කොට ඇති අතර මෙම විත්තිකරු රටින් පිටව යාමට පෙර ඔහුගේ හිතවත් කුරුණෑගල DIG කිත්සිරි ජයලත් වෙත ද දැනුම් දී ඔහුගේ අනුදැනුම ඇතිව රටින් පිටව ගොස් ඇත.

ආපසු කුරුණෑගල පැමිණි ඔහු DIG හා SSP හා කුරුණෑගල පොලිසියේ උදව් උපකාර ලබමින් නිදැල්ලේ පසුවෙයි.

ඔහු එසේ කරන්නේ DIG කිත්සිරි ජයලත් සහ SSP මහින්ද දිසානායක යන දෙදෙනා ඔහුගේ හිතවත් පුද්ගලයින් නිසා බව කවුරු කවුරුත් හොදින් දනී.

මෙම වරෙන්තු ක්‍රියාත්මක කොට මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ නම් කුරුණෑගල මහාධිකරණයට ඉදිරිපත්වන අනෙක් විත්තිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බව අපි අවධාරණයෙන් යුතුව කියා සිටිමු.

මෙම වරෙන්තු ක්‍රියාත්මක කරන ලෙස අදාල නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙස අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

එසේ නොවන්නේනම් පොලිස් දෙපාර්තුමේන්තුවේ අදාල නිළධාරීන්ට විරුද්ධව සියළු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මෙයින් දන්වා සිටිමු.

ස්තුතියි,

 වෙළඳ සංගමය (විකල්ප කණ්ඩායම)
 ඇතුගල් පුර ප්‍රජා අයිතින් සුරැකීමේ සංවිධානය
 වයඹ අපි
 සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරික සංගමය – කුරුණෑගල
 ස්වාධීන නීතිඥ සංවිධානය
 මුස්ලිම් ව්‍යාපාරික සංවිධානය
 නිදහස් වෘත්තීය සංසදය
 නිදහස් මාද්‍ය එකමුතුව
 වයඹ බොදු හඬ
 කුරුණෑගල හෝටල් හිමියන්ගේ සුභසාධක සංගමය
 ඇතුගල්පුර අලෙවි කරුවන්ගේ සංගමය
 එක්සත් භික්ෂු සංගමය – කුරුණෑගල නගර ශාඛාව
 හින්දු තරුණ කවය
 බොදු ජන තරුණ සංවිධානය
 වැඩිහිටි සිමිති එකමුතුව – කුරුණෑගල
 ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය – කුරුණෑගල
 පදික වෙලදුන්ගේ සුභ සාධක සංගමය
 ඒකාබද්ධ ත්‍රීරෝද හිමියන්ගේ සංගමය

පිටපත්,

අගමැති තුමා
විපක්ෂ නායක තුමා
කථානායක තුමා
ආරක්‍ෂක ඇමතිතුමා
ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍ය තුමා
ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් තුමා
නායක තුමා – ජනතා විමුක්ති පෙරමුන
සභාපති තුමා – පොලිස් කොමිෂම
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තුමා – වයඹ පලාත

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: