ජනාධිපති වීම කෙසේ වෙතත්, ප්‍රොඩාබයට යන්න වෙන්නේ මහ උළු ගෙදර…!

ගෝඨාගේ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරිමට බහුතර විනිසුවරුන් එකඟත්වයකට පැමිණ ඇතැයි වාර්තා වේ.

මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ චෝදනා ඉදිරිපත් කර තිබෙන ආකාරය දෝෂ සහිත බැවින් එම චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවයෙන් ප්‍රතික්ෂේප කිරීමට නියම කර තිබේ.

පෙත්සම සලකා බැලීම සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකෙරුණි.

ඉන් අනතුරුව නියෝගය ප්‍රකාශයට පත් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.

එහිදී සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියේ පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවයි.

ඒ අනුව ප්‍රෝඩාබය (ගොඨාභය)ට ජනාධිපති අපේක්ෂකයා වීම කෙසේ වෙතත් මහ උළු ගෙදර ළගින්නට සිදු වන බව නම් පැහැදිලිය.ප්‍රෝඩාබය මෙම නඩුව විභාග වීම නවතා ගැනීමට කොතෙකුත් ඉත්සහ දැරුවද එය මෙතෙක් සාර්ථක වී නොමැත.

තමන් නිවැරදී නම් තමන්‍ට එරෙහිව ඇති චෝදනා හමුවේ නඩුවට පෙනී සිටිමට බය වන්නේ ඇයි..? ඉතාම සරලය මේ අනුව හොරාට කලින් කෙසෙල් කැන වැට පැන තිබේ.නඩුවට බය වන්නේ ප්‍රෝඩාබය එම චෝදනා වලට වැරදි කරු නිසා නොවේද..?

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තමන්‍ට එරෙහී නඩු වලට බයේ එවා වලක්වා ගන්න ජනාධිපති හා අගමැති පස්සේ හඩා වැලපෙන වටපිටාවක රාජපක්ෂ බත් බැලයන් යුද්ධය අවසන් කල වීරයා ලෙස මතු කිරිමට දගලන එක තරම් මරිමොඩ කමක් තවත් නැත.නඩුවට බය එකා යුද්ධය අවසන් කල බව පිළිගන්න තරම් ඔහු වීරයකු බව කියන්න දගලන හිකනල්ලු මොඩයන් බවට පත්ව තිබේ.

ජාතික ආරක්ෂාව ගැන කතා කරන්න කලින් ප්‍රොඩාබය කල යුත්තේ ඔහුට එරෙහිව තිබෙන නඩු වලට මුහුන දීම යි.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: