ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනතෙක් අපේක්ෂකයන් පිළිබද තීන්දු ගන්නේ නැ…!

ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනතෙක් අපේක්ෂකයන් පිළිබද තීන්දු ගන්නේ නැති බව අගමැති රනිල්ගේ ස්ථාවරයයි. හතර වටේ තප්පුලන කාටත් පිළිතුරු දුර ඇතක නොව ළඟ ළඟම ලැබෙනු ඇත.

කවුරු කරලියට ඒමට දැගලුවත් අවසානයේ කවුරුත් නොසිතන කෙනකු ජනාධිපති අපේක්ෂකයා වීමට ඉඩ කඩ වැඩි බව දෙශපාලන වේදිකාව දිහා බලන විට බැලු බැල්ම තෙරුම් යන කරුණකී.

ජනාධිපති අපේක්ෂකයා වීමට සෑම පැත්තකින්ම පොරයක් තිබේ.එක පැත්තකින් පවුල් පාලනය, අනෙක් පැත්තෙන් පියපුතු උරුමය කියා ගනිමින් උරුමයෙන් ලැබිය යුතු දේ ගැන සමහරු කතා කරයි ඒ උදේසා ඩීල් දේශපාලනයේ යෙදෙයි.එ වගේම සමාජ ක්‍රියා කාරින් ලෙස පෙනි සිටි.ඒ වගේම නාගනන්ද වැනී කෙප්ප කාරයන් කරලියට ආවේය,කැෂිනෝ ධම්මිකලා කරලියට ආවේය.ගණිත ගුරුවරයකු මහපාරේ හයිරම් පාමින් ජනාධිපති අපෙක්ෂකයා වීමට සිහින දැක්කේය,එක් පැත්තකින් රවන පරපුරෙ කියා කට්ටඩියකු ජනාධිපති කරලියට ආවේ ඇමරිකාවට ලංකාවේ සිට හාස්කමකින් වැසි වස්සන්නට හැකිය කියාගෙන, ඒවගේම මාතර ප්‍රදේශයේ යාචකයකු ජනාධිපති අපේක්ෂකයා වික්මට කැමෙත්තෙන් සිටින බවට වාර්තා විය.

මෙවර පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය තරම් හැල්ලුවට ලක් වු ජනාධිපතිවරණයක් ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරාම නැත.කෙසේ හෝ පළමු වටයෙන්ම නාගානන්දලා,කුණු ධම්මිකලා,VIP ගණිත කාරයන්,කට්ටඩියන් හැලි ගොස් ඇත.දැන් ජනාධිපතිවරණයට නාමයෝජනා කැදවන්නට ඇත්තේ තව ඉතා කෙටිකාලයකී එසේ නම් ජනාධිපති පොරයේ දෙවනි වටය ආරම්භ වනු ඇත.එහිදි දැනට ඉතිරි ව සිටින හාල්පාරුවන් දෙවන වටයෙන්ම ඉවත් වී කුළුදුල් අපේක්ෂකයකු කරලියට එන බවට සැකයක් මතු වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ නිහඩව සිටිමින් එක් වරම කළ ප්‍රකාශය නිසාය.

එසේනම් අපේක්ෂකයා කවුරුන් විය හැකිද..? කුතුහලය ඔබව තවත් ප්‍රශ්නාර්ථයක් කරා ගෙන යනු ඇත.එහෙත් මෙවර අපේක්ෂකයා ඩීල් දෙශපානයේ යෙදෙන පුද්ගලයකු නොව කෙලින් කොන්ද පන තියන් වැඩ කරන අපේක්ෂකු බවට නම් ඉඟි පළවෙයි.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: