ගෝඨා ජනාධිපති විය යුත්තේ ඇයි..? සුභාෂ් ජයවර්ධන..

සුභාෂ් ජයවර්ධනගේ මුහුණුපොතට එල්ලා තිබුනු සටහන උපුටා ගැනීම සිදු කලේ පසුගිය සති දෙක තුල සිදු වූ සිදුවීම් කිහිපයක් සහ අද උදැසන ඇමරිකන් නියොජිතයන් මහින්ද රාජපක්ෂ මුණ ගැසුණු නිසාවෙනී.

උපුටා ගැනීම 👇

01. පෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට.

එය කළ හැක්කේ ගෝඨාබයට පමණයි.. මේ යහපාලන සෙට් එක ඒක කරන් නෑ උන්ට කොන්ද පණ නෑ.පොන්නයෝ.. ඒත් රාජපක්ෂලා දැනටමත් 13+ වෙනුවෙන් දෙමළ පක්ෂ වලට එක කරන බවට පොරොන්දුවක් දීලා ඉවරයි. ඒවා හංඟ හංඟ කළේ නෑ. දෙමළ පක්ෂ නායකයන් සියල්ල ගෙදරට ගෙනල්ල ප්‍රසිද්ධියේම පොරොන්දු වුණා. ව්‍යවස්ථාදායක සභාව හමුවේ යෝජනා වී තිබෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙ‍ටුම්පත යථාර්තයක් කිරීම අනිවාර්යෙන්ම ගෝඨාභය කරනවා. එහෙම නැතුව එයාට පවතින්න බෑ. එයා ජාත්‍යන්තර ප්‍රජාවට ඒ පොරොන්දුව දීලා තියෙන්නේ.

02. මානව හිමිකම් ක්‍රියාකාරී සැලස්ම යථාර්තයක් කිරීමට

යල් පැන ගිය අණපනත් නීති රීති සංශෝධනය කර.ශිෂ්ඨ ලෝක ප්‍රජාව පිළිගන්නා මානව හිමිකම් මෙරට තුල ස්ථාපිත කිරීමට.

සමලිංගික අයිතිවාසිකම්, ගබ්සාව නීතිගත කිරීම, ගණිකාවෘත්තිය නීතිගත කිරීම, ජීවත් වීමේ අයිතිවාසිකම තහවුරු කිරීම ‍රැකියා හිමිකම ඇතුලු මෙතෙක් මෙරට ජනතාවට නොලැබුණු මානව අයිතිවාසිකම් ලබා දිමේ හැකියාව ඇත්තේ ගොඨාභයටය. ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කරන ලද 2017 ශ්‍රීලංකා මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම හුදු වාර්ථාවක් වූවා මිස ඒ කිසිවක් ක්‍රියාතක කිරීමට යහපාලන සෙට් එක අසමත් විය. උන්ට කොන්ද පණ නෑ. පොන්නයෝ. ..ඒත් රාජපක්ෂලා යහපලන සෙට් එක ලබා දුන් පොරොන්දු පත්‍රයට එහා යමින් මානව හිමිකම් ක්ෂෙත්‍රයේ විප්ලවීය පරිවර්තනයක් සිදු කරනු ඇත. ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙස තීරණය වන්නේද එම පොරොන්දුව ලබා දී ඇති නිසාය. එසේ නොවුණ හොත් GSP+ සහනය ඇතුලු ජාත්‍යන්තර සැලකීම් සියල්ල අහිමි වී යුධ අපරාධ චෝද්නා පවා අලුත් වටයකින් මතු විය හැකිය.ගිය පාර කෙලවා ගත්තේ මේවා නිසාය. ඒ නිසා ගෝඨාභය පොරොන්දු ප්‍රකාරව මානව හිමිකම් වෙනුවෙන් දැඩි බරක් යොදනු ඇත.

03. ගංජා නීතිගත කිරීමට

මේ රටේ ගොං තකතීරු පාලකයන් විසින් සුද්දා විසින් තහනම් කළ ගංජා තහනම තවමත් එලෙසම පවත්වාගෙන යති. 1956 බන්ඩාරණායක මහත පමණයි ගංජා තහනමට විරුද්ධව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හරි තහනම ඉවත් කරන බවට පොරොන්දු වුණේ..ඒත් ඒක කළේ නෑ.ඌ වෙඩිකාලා මැරුණා.. එය කළ හැක්කේ ගෝඨාබයට පමණයි.. මේ යහපාලන සෙට් එක ඒක කරන් නෑ උන්ට කොන්ද පණ නෑ.පොන්නයෝ.

දැන් මේ ගංජා තහනම ඉවත් කරගත යුතු කාලය එළඹ තිබේ. ඔරිජිනල් බඩු නෑ..හොයා ගන්න.. තිබ්බ ටික ඉවරයි..(උපුටා ගැනීම අවසන්)

මෙම මුහුණුපොත් සටහනේ සදහන් කරුණු සත්‍යය යැයි සිතිමට සිදුවන් කාරනා අප Badusure.lk වෙබ් අඩවිය මින් පෙර වාර්තා කිරිමට කටයුතු කලේය.

ගොඨාභය රාජපක්ෂ TNA නියොජිතයන් හමුවී සාකච්ඡා කල බවත් උදව් ඉල්ලු බවත් වාර්තා විය.ඒ සදහා මාධ්‍ය වාර්තා කලේ පොලිස් බලතල උතුරට ලබා දීමට ගොඨාභය රාජපක්ෂ පොරොන්දු ඌ බව පමනයි.එහෙත් එතනින් එහාට කිසිවක් මාධ්‍ය වාර්තා කලේ නැත.එවා රහස්‍ ය.

එපමනක් නොව විපක්ෂය නායක මහින්ද රාජපක්ෂ ද TNA සාමාජිකයන් හමු වී වෙනමම සාකච්ඡා සිදු කලේය.එහි ඇතිවූ කතා බහ තවමත් රහස් ය.

අද දින පොහොට්ටු පක්ෂයේ නායකත්වය භාර ගැනිම මහින්ද රාජපක්ෂ විසින් සිදු කරන අතරම මහින්ද රාජපක්ෂ විසින් සිය ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා සුභ මොහොතින් ප්‍රකාශයට පත් කිරිනට නියමිතය.එවන් සුභ දිනයක හදිසියේ අමෙරිකානු නියොජිතයන් මහින්ද රාජපක්ෂ හදීසියේ හමුවීම සුභාෂ් ජයවර්ධනගේ සටහනේ සත්‍යය බාවය තහවුරු වනු ඇත.

BREAKING NEWS:

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියානු කටයුතු භාර සහකාර ලේකම් ඇලිස් වෙල්ස්, හා අමෙරිකානු තානාපති අලේනා ටිප්ලිට්ස්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: