ගොඨා ගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ඉෂිනි වික්‍රමසිංහ ට…

ගොඨාගේ ජනාධිපතිවරණය ප්‍රචාරක වැඩ සිදු කරනු ලබන්නේ රනිල් වික්‍රමසිංහගේ සොයුරු ශාන් වික්‍රමසිංහගේ දියනිය වන ඉෂිනි වික්‍රමසිංහ බව badusure.lk අප වෙත වාර්තාවේ.

මංගල සමරවීරගේ හිටපු පෞද්ගලික ලේකම් ඉෂිනි වික්‍රමසිංහ මේ වනවිට අග්‍රාමාත්‍ය මාධ්‍ය මෙහෙයුම්කාරිණීය ලෙස කටයුතු කරන අතර TNL රූපවාහිනී මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂිකාව ලෙසද කටයුතු කරයි.

ගොඨාභය රාජපක්ෂ කරලියට ගෙන ඒම වෙනුවෙන් දෙරණ අධිපති දිලිත් ජයවීර මහත් කැපවීමක් සිදු කලේය. දිලිත් ජයවීර හරහා මේ වනවිට ගොඨාභය රාජපක්ෂ ඉෂිනි වික්‍රමසිංහ සමග ළගම සම්බන්ධ කමක් පවත්වාගෙන යන බවත් ගොඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡා වල සම්බන්ධීකරණ කටයුතු පසුගිය කාලය පුරා සිදු කර ඇත්තේ ඉෂිනි වික්‍රමසිංහ බවත් වැඩිදුරටත් සදහන්.

ඒ අනුව එහි ප්‍රථිපලයක් ලෙස අග්‍රාමාත්‍යවරයා හරහා වජිර අබේවර්ධනගේ අනුමැතිය ලබාගෙන ගොඨාභය රාජපක්ෂ හැදුනුම්පත සකසා විදේශ ගමන් බලපත්‍රයද සකසා ගෙන ඇත්තේ ඉෂිනි වික්‍රමසිංහගේ සහය ලැබිම මත බව වාර්තා වේ.

එපමනක් නොව මේ වන විට ගොඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණය ප්‍රචාරන මෙහෙයුම් කටයුතු පවා ඉෂිනි වික්‍රමසිංහ හට බාර දීමට ගොඨාභය රාජපක්ෂ කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. දිලිත් ජයවීරගේ “ට්‍රයි ඇඩ්” දැන්වීම් ආයතනයේ හවුල් කාරියක් ලෙසද ඉෂිනි වික්‍රමසිංහ කටයුතු කරයි.

සිදුවන්නේ කුමක්ද කියා අපට නම් තෙරුම් ගැනීමට අපහසුය.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: