ගොඨාභය රාජපක්ෂට එරෙහිව මහින්ද රාජපක්ෂගේ කීකරු ගෝලයා ජොන්ස්ටන් යුද්ධය ප්‍රකාශ කරයි..

අද දින කුරුණෑගල කැන්ඩියන් රීච් හොටලයේ පැවැත්වීමට නියමිත වියත් මග වැඩ සටහන කඩාකප්පල් කිරිමට ජොන්ස්ටන් ප්‍රනාන්දු කටයුතු කරමින් සිටින බව අප වෙත වාර්තා වේ.

වියත් මග වැඩ සටහන කඩාපල් කිරිම සදහා මේ වන විටත් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ලේකම් වරයා ලක්ෂිත ලංකාතිලක විසින් ගොඨාභය රාජපක්ෂ මහතාට විරුද්දව සමාජ ජාලා(facebook) හරහා ප්‍රචරයක් ගෙන යමින් සිටි.

එපමනක් නොව කුරුණෑගල පොදුජන පෙරමුණේ ජාතික විද්වත් සංසදයේ කුරුණෑගල සම්බන්ධීකරණවරයා මෙන්ම ජොන්ස්ටන් ගේ හිටපු මාධ්‍ය සම්බන්දීකරණ ලෙකම් වරයකු ලෙස කටයුතු කළ නදීක හෙට්ටිආරච්චි ද තම සමජා ජාලා(facebook) බාවිතා කරමින් අද පැවත්වීමට නියමිත “වියත් මග” වැඩසටහන සදහා ජනතාව පැමිනීම වැලැල්වීම සදහා කඩාපල් කාරි ප්‍රකාශ දියත් කිරිමට කටයුතු කර ඇත.

මේසේ ගොඨාභය රාජපක්ෂට එරෙහිව යන්නේ මහින්ද රාජපක්ෂගේ හෙංචයියන්‍ ය.එයින් පැහැදිලි වන්නේ ජනාධිපති අපේක්ෂකයා තෙරිමෙ උච්චම අවස්ථාව එළඹීමත් සමගම ගොඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ අතර ගැටුම ඉතා උග්‍ර අතට හැරි ඇති බවයි.

මෙම තත්වය උඩ කුරුණෑගල පැවැත්වීමට නියමිත වියත් මග වැඩ සටහන සදහා ගොඨාභය රාජපක්ෂ සහභාගී නෝවීමට තිරණය කළ බව විශ්වාස කටයුතු ආරංචී මාර්ග තහවුරු කරයි.

මේ වන විට ඒ සදහා සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටි ජනතාවද ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කඩාකප්පල් කාරී ප්‍රචාර නිසා මෙම වැඩ සටහට සහභාගී වනවාද නැද්ද කියා දෙබිඩියාවෙන් පසුවන බව සදහන්.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: