කළුතරින් ජනාධිපතිවරයෙකු බිහි කර ගැනීමට අවස්ථාව උදා වී ඇති බව සිහල රාවය සංවිධානය කියයි..

රාජිත සේනාරත්න අන්තවාදීන් සමග තිබෙන සම්බන්ධ කම් තවත් වැඩි කර ගනිමින් අන්තවාදින්ගේ සහය ලබා ගනීමින් ජනාධිපති වීමේ සිහිනයක සිටින බව අපවෙත වාර්තා වේ.

මුස්ලිම් ජනයාබහුලව ජිවත් වන දර්ගා නගරයේ එවක ඇතිවූ සිදු වීම හරහා රාජිත තමන්ගේ ජන්දගොඩ වැඩිකර ගත්තේය.එසේ සිදු කලේ සුළුජාතින්ගේ ජන්දය ලබා ගැනීමට රාජිත සේනාරත්න ඔවුන්ගේ වීරයකු ලෙස පෙනි සිටිම මගිනී.දර්ගා නගරයේ සුළුජාතින්ගේ වීරයා වූයේද රාජිත සේනාරත්නය.

බලය ලබා ගැනිම උදෙසා ඔනෑම තක්කඩි කමක් කරන රාජිතලාට අහිංසක ජීවිත ගැන වගේ වගක් නැත. අතිතයේ කල තක්කඩි කම් වලින් එකක් වන්නේ “ප්‍රා” නැමති කල්ලියයි.එය පවත්වාගෙන ගියේ රාජිත සේනාරත්න බවට ඔනෑ තරම් කරුණු කාරනා ගැන වාර්තාවිය ප්‍රසිද්දියේ විවෙචන එල්ල විය.එවා ප්‍රසිද්ද රහස්‍ ය. “ප්‍රා” කල්ලිය හරහා අසරන ජීවිත විනාෂ කරපු තක්කඩියකු ජාතිවාදී ක්‍රියා හරහා බලය තහවුරු කර ගැනීමට ජන ජීවීත බිල්ලට දීමක් සිදු කලත් එය පුදුම වීමට දෙයක් නොවේ.

මේ වන විට බලලා මල්ලෙන් පැන තිබේ

රාජිත සේනාරත්නගේ පැටිගිරිය එළියට පනින්නේ ගලගොඩඅත්තේ ඥාණසාරගේ බොදුබල සේනාවේ එවක ක්‍රියා කාරි සගයකු වන මාගල්කන්දේ සුදත්ත ඇතුලු පිරිසකට සාංගික දානයක් ලබා දී ඒ හරහා තමන්ගේ ඊළඟ පිම්ම පැනීමට අවශය සහය මාගල්කන්දේ සුදත්ත හරහා ලබා ගැනීමට බව පැහැදිලිය. බලය ලබාගැනීම උදෙසා තම ප්‍රතිපත්ති පවා දී පලක් තිබේ ද..?

මේ වන විට මාගල්කන්දේ සුදත්ත ඝනගෙඩියා ගෙන්වා සාංගික දානයක්ලබා දී රාජිත මේ ගමන් කරන්නේ මොන දිසාවටද..?ඒ පිළිබඳව පැහැදිලි වන්නේ මාගල්කන්දේ සුදත්ත කල ප්‍රකාශය තුලිනී.

රාජිතගේ මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනය පහතින් 👇

කළුතරින් ජනාධිපතිවරයෙකු බිහි කර ගැනීමට අවස්ථාව උදා වී ඇති බව සිහල රාවය සංවිධානය කියයි.

ජාතික නායකයින්ගේ හිඟයක් පවතින වකවානුවක කළුතර දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙකු බිහි කිරීමට මෙවර ද අවස්ථාව උදා වී ඇති බව සිහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද (21) පැවැසූහ.

රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කළ ආගමික උත්සවයක දී අනුශාසනාව පවත්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

භික්ෂූන් වහන්සේලා සියක් නමක් විෂයෙහි දානමය පිංකමක් පැවැත්වුන අතර, කළුතර නගර මධ්‍යයේ සිට කළුතර බෝධිය දක්වා මහා සංඝරත්නය වැඩම කරවූයේ අලංකාර පෙරහැරකිනි. මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියේය.

අනුශාසනාව පවත්මින් වැඩිදුරටත් අදහස් දැක් වූ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙසේ ද පැවැසූහ. “මවක් සහ පියෙක් තම දරුවන්ට කළ සත්කාරයක් ලෙස සාමණේර භික්ෂූන්වහන්සේලාට අවශ්‍ය පූජා භාණ්ඩ ලබාදීම මම මෙහිදී අගය කරනවා. සම්බුද්ධ ශාසනයට විවිධ අභියෝග එල්ලවන වකවානුවක සාමණේර භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කළ යුතුයි. සම්බුද්ධ ශාසනයට විවිධ අභියෝග එල්ල වූ අවස්ථාවක තමයි පළමු දර්ම සංඝයනාව ඇතුලු දර්ම සංඝායනා සිදු කළේ. වර්තමානයේත් සියයට 100 ක්ම නිවැරදි නොවන ඇතැම් භික්ෂූන් වහන්සේලා ද සිටිනවා. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඉළක්ක කර ගනිමින් එක්තරා ආමාත්‍යවරයෙක් ශාසන විරෝධී ක්‍රියාකාරකම් පිළිබදව විරෝධතා මතු කළා. අපි මේ පිළිබදව මහානායක හිමිවරු මෙන්ම එම අමාත්‍යවරයා ද දැනුවත් කළා. අපි යෝජනා කළා විනය විරෝධි භික්ෂූන් වහන්සේලා පිළිබදව කථීකාවතක් ඇති කළ යුතු බවට. සමස්ත භික්ෂූ පරපුරටම හානියක් සිදු නොකරන ලෙස අපි මෙහිදී ඉල්ලා සිටියා. මෙම ප්‍රකාශ පිළිබදව රාජිත සේනාරත්න අමාත්‍යවරයා උපේක්ෂා සහගතව බලා සිටින්න ඇතැයි මම සිතනවා.”

“සෞඛ්‍ය අමාත්‍යවරයාට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් අග්‍රාමාත්‍යවරයෙකු බිහි වූවත්, ජනාධිපතිවරයෙකු බිහි වී නැහැ. කළුතර දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙකු බිහි කර ගැනීමට කාලය උදා වී තිබෙනවා. ජාතික නායකත්වයේ හිඟයක් පවතින අතර, එම හිඟය මකා දැමීමට කළුතර දිස්ත්‍රික්කයේ අපට අවස්ථාව උදා වී තිබෙනවා. සියලු දෙනා එකමුතු කිරීම කාලීන අවශ්‍යතාවයක්.”

මෙම අවස්ථාවට අනුනායක ධුරන්දර අතිපූජ්‍ය දෙදියවල තිලකසිරි නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

වසන්ති ගුණසේකර

ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ)

 

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: