ඉල්ලුවේ වතුර.. ලැබුණේ උණ්ඩ…!

රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා සහ හමුදා සෙබළුන් 3 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ විශේෂ මහාධිකරණය හමුවේ අද නඩු පවරා තිබේ.

පානීය ජලය ඉල්ලා පවත්වන ලද උද්ඝෝෂණයකදී වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පහර දී තුවාල කිරීම සහ උද්ඝෝෂකයින් 3 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා 94ක් යටතේ මෙලෙස ගම්පහ අධිකරණයේදි ඔවුන්ට විරුදව නඩු පවරණ ලදී.

මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර, විමල් රණවීර හා නිශාන්ත හපුආරච්චි යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතව ඇත.

විනය ගරුක සමාජයක් හදන්න කතා කරන අයගේ කෙරුවාව දැන් යළි කරළියට පැමිණ තිබේ.වසර 10ක පාලන සමය තුල එකාධිපති පාලනයක් ගෙන ගිය ජනතා මුදල කෝටි ප්‍රකෝටි ගනන් විනාශ කරපු උන්, අද මැරිලා ඉපදිලා මෙන් ජනතාව ඉදිරියේ බෙරිහන් දෙන්නේ විනය ගරුක සමාජයක් බිහි කරන්නටය. මෙවන් ලේ මාපිල්ලන්ගෙන් විනය ගරුක සමාජයක් බලාපොරොත්තු වන්නේ නම් එයත් හරියට “ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන්නා සේ” ය.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: