ඉතාලියේ වෙරොනා නගරයේ සංවිධායක වරයකු සහ පාතාල කල්ලි සමාජිකයකුගේ මූලිකත්වයකින්., සහරා ෆ්ලෑශ් සංගීත කණ්ඩායමේ මුදල් පැහැර ගනී..!

සහරා ෆ්ලෑශ් සංගීත කාණ්ඩායම ඉතාලියේදී මංකොල්ල කෑම සිදු කරන්නේ වෙරොනා නගරයේ සංවිධායක වරයකු සහ පාතාල කල්ලි සමාජිකයකුගේ මූලිකත්වයකින් බව අප වෙත වාර්තාවේ.

මාසයක් වැනී කාලයක් පුරාවටම සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම ඉතාලියේ විවිධ නගර වල ලාංකික ජනතාවගේ එකා කාරි ජිවීතය බිඳිමින් එම ජනතාවගේ මනසට සහනයක් ලබා දී උපරිම වින්දනයක් ලබා දීමට කටයුතු කලේය. එහෙත් සහරා ෆ්ලෑශ් සංගීත කණ්ඩායමේ අවසන් ප්‍රසංගය අවසන් වීමෙන් අනතුරුව සංවිධානාත්මක පිරිසක් විසින් කල නීච ක්‍රියාව හේතුවෙන් මිලානෝ ජනතාවට ද ලැජ්ජාවක් අත්විය. වෙරෝනා නගරයේ පුද්ගලයකු විසින් එම නීච ක්‍රියාව සිදු කලත් එයට සහභාගී උන පිරිසක් මිලානො නගරයේද සිටිම කනගාටුදායක කරුණකී.

සහරා ෆ්ලෑශ් සංගීත කණ්ඩායම මිලානෝ නගරයේ ප්‍රසංග දෙකක් පැවැත්විය එම ප්‍රසංග දෙකම එකම ස්ථානයේ පැවැත්වූ අතර එක් ප්‍රසංගයක් යූරෝ 15ක් වැනී මුදලක් අය කරමින් පැවැත් වූ අතර දෙවන ප්‍රසංගය එසේ නැතිනම් සහරා ෆ්ලෑශ් ඉතාලී සංචාරයේ අවසන් එළිමහන් ප්‍රසංගය ලෙස මිලානෝ නගරයේදි පසුගිය 06 වන්දා පැවැත් විය.

සංවිධායකන් දෙපලක් එක්ව මෙම සහරා ෆ්ලෑශ් සංගීත කණ්ඩායම ඉතාලියට ගෙන්වීමට කටයුතු කර තිබු අතර එක් සංවිදායකයකු ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ ජිවත් වන බවත් අනෙක් සංවිධායකයා වෙරෝනා නගරයේ “පිරිසිදු කටයුතු කිරිම් සදහා සෙවකයන් ලබා දෙන ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු” වන බව අපවෙත වාර්තා වේ.

එසේම මිලානෝ නගරයේ පැවති අවසන් ප්‍රසංගයෙන් අනතුරුව සහරා ෆ්ලෑශ් සංගීත කණ්ඩායමේ මුදල් සහ සංගීත ආම්පන්න මංකොල්ල කෑම සිදු කරන්නේ මෙම සංවිධාකයන් දෙදෙනා අතරින් වෙරොනා නගරයේ සිටින සංවිධාකයා විසින් බව සහරා ෆ්ලෑශ් සංගීත කණ්ඩායමේ නායක ප්‍රදීප් කේ විසින්ද සදහන් කර තිබුනී.

ශ්‍රී ලංකාවට පමනක් නොව ඉතාලියේ ජීවත් වන ජනතාවට ද මෙම පතාල කණ්ඩායම් පිළලයක් බවට අප අමුතුවෙන් කිව යුතු නැත.එහෙත් තනාපති කාර්‍යාලය වත්, රජය වත් මෙම ප්‍රශ්න ගැන කිසිදු අවධානයක් යොමු කරන්නේ නැත. මෙම පාතාල කල්ලි ඇතැම් විට මාධ්‍යවේදීන් හටද තර්ජන එල්ල කරමින් සිටි.

කෙසේ හො අලුත්ම ප්‍රවනතාවය වී ඇත්තේ ඉතාලියට ගෙන්වන සංගීත කණ්ඩායම් සතු මුදල්, ප්‍රසංග මාලාව අවසානයේ පැහැර ගැනීම බව දැන් පැහැදිලිය. කෙසේ හෝ මෙම ගොදුරට සහරා ෆ්ලෑශ් සංගීත කණ්ඩායම ගොදුරු වීම අභාග්‍යයකී.

විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ එකා කාරි ජීවිතයෙන් ඔවුන් මදක් නිදහස් වන්නේ විනොදයක් ලබා ගනිමින් සංගිත ප්‍රසංගයක් නරඹා හො යම් කලා කටයුත්තක් හෝ ක්‍රීඩාවක් කිරිම තුලිනී.

ඒ අනුව ජනතාවගේ එම අවශ්‍යතාවය ඉටු කර දීමට එම කටයුතු කරන ප්‍රසංග සහ උත්සව සංවිධානය කිරිමට පිරිස් බොහෝමයක් සිටි. එම සංවිධාකයන් අතරින් මෙම වැඩ සටහන් ආධායම් මාර්ගයක් කර ගත් පිරිසක්ද සිටී.

මෙම සංවිධායකන් යම් සංගිත කණ්ඩායමක් හෝ සංගීත ශිල්පීන් හෝ ගෙන්වනවා නම් පොරොන්දු වූ මුදල ලාබ ලැබුවත්,පාඩු ලැබුවත් ගෙවීම සිදු කල යුතුය. එය ඔවුන්ගේ වගකිමයි.

පාඩු ලැබු බව පවසමින් ගෙන්වන සංගීත කණ්ඩායම හෝ ශිල්පින් අතරමං කිරීම අසික්කිතය.ඉතාලියේ බහුතරක් දැන් සිදු කරන්නේ එම අසික්කිත වැඩයි.

මැතකදී ප්‍රසිද්ද ගායකයකු ඉතාලියට පැමිනී අතර ගායකයා සංචාරය අතර තුර නවතා දමා නැවත ලංකාවට හැරී ගියේද සංවිධායකයන් විසින් පොරොන්දු වූ මුදල් ලබා නොදීම නිසාය.

ඉතාලියේ විවිධ නගර වල පිරිස් විසින් තරගකාරීත්වය ඇතිව මෙම ප්‍රසංග සංවිධානය කරන අතර එකෙක් පරයා තවත් එකේකු නැගී සිටිමට කටයුතු කිරිම තුල සංගීත කණ්ඩායම් සදහා පොරොන්දු වන මුදල් වලට පොලු තැබිම හෝ මුදල් පැහැර ගැනීම සිදු කරන්නේ බලාපොරොත්තු වන ආධායම් නොලබා එම ප්‍රසංග මාලාවන් අසාර්තක වීම නිසාය.

එසේ සංචාර අසාර්තක වීම හේතුවෙන් සංගීත කණ්ඩායම් හෝ සංගීත ශිල්පීන් එවාට වග කිව යුතු නැත. සාර්තකත්වය සහ අසාර්තකත්වයේ වගකීම බාර ගත යුත්තේ ගෙන්වන සංවිදාකයන් විසින්මය. සංවිධාකයන් අතර ඇතිවන ප්‍රශ්න විසදා ගත යුත්තේද සංවිදාකයන් විසින්ම ය.ඒවාට සංගීත කණ්ඩායම් හෝ ශීල්පින් පළි නැත.

එම නිසා පතාල කල්ලි යොදාගෙන සංගීත කණ්ඩායම් මංකොල්ල කා නොදන්නා රටක මහ පාරේ දමා යාම කිසි සේත් අප අනුමත කරන්නේ නැත.

ඉතාලී සංචාරයක් සදහා සංගීත කණ්ඩායමක් හෝ ශීල්පීන් ඒ ගැන දෙපාරක් සිතා සංචාරය කිරිම කාලොචිතය.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: