ඇස්වල සුද ඉවත් කිරිමේ ශෛල්‍ය කර්ම සැප්තැම්බර් 15 දා සිට සවස 04න් පසු…!

දිවයින පුරා රෝහල් 10 කදී ඇස්වල සුද ඉවත් කිරිමේ ශෛල්‍ය කර්ම රාත්‍රි කාලයේ සිදුකිරිමට නියමිත බව විෂන් – 2020 වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක අක්ෂි විශේෂඥ වෛද්‍ය මංගලා ගමගේ ප්‍රකාශ කරයි.

විශේෂඥ වෛද්‍ය මංගලා ගමගේ මහත්මිය වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ වසරකට එවැනි ශෛල්‍ය කර්ම ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සිදුකරන අතර, එම සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහස(1,50,000) ඉක්මවා සිදුකිරිමට අපේක්ෂා කරන බවයි.

සැප්තැම්බර් 15 වන දා සිට සවස 04 න් පසු කොළඹ අක්ෂි රෝහල , මහනුවර ශික්ෂණ රෝහල, අනුරාධපුර, රත්නපුර, කන්තලේ, ත්‍රිකුණාමලය, කල්මුණේ උතුර, මඩකළපුව, වවුනියාව, නාවලපිටිය යන රෝහල්වල මෙම ශෛල්‍ය කර්ම සිදු කරන බව ඇය සඳහන් කරයි.

ඇස්වල සුද මතුවීමේ රෝගයට ලක්වන සියළුම පුද්ගලයන් සඳහා ඇස්වල සුද ඉවත් කිරීමේ ශෛල්‍ය කර්මයට අවශ්‍ය වන අක්ෂි කාච නොමිලේ ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන බව හෙතෙම වැඩිදුරටත් සදහන් කලේ ය.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: